වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කල බව පැවසුවද එම වැඩිකල වැටුප වතු කම්කරුවන්ට මේ වන තෙක් නොලැබෙන බව සමාජ සංවර්ධණ පදනමේ කැදවුම්කරු ඒ. මුත්තුලිංගම් මහතා පවසයි.
ජිවත් විමට චෙතනයක් යන මැයෙන් හැටන්හි පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි මේ බව පැවසු මුත්තුලිංගම් මහතා එහිදි මෙසේද පවසන ලදි.
අද වන විට තේ මිල ඉහල ගිහින් තියෙන්නේ එම තත්වයන් මත වතු සමාගම්වලට මෙම වැඩි කල වැටුප ලබා දිමට හැකතියාව පවතිනවා එත් මේ වැවිලි සමාගම් පවසන්නේ වතු පාඩුයි වතු පාඩුයි කියලායි මෙය තනිකර බොරුවක්.
අද සමහර වෘත්තිය සමිති කියනවා මේ වතු කොටස් කර වතු කම්කරුවන්ට ලබා දිය යුතුයි කියලා එත් එය කවදා සිදුවෙයිද කියන්න බැහැ මෙය ප්‍රධාන පෙලේ රැවටිමක් මොකද මේ ඉඩම් කොටස් දුන්න කියන්න එවිට ඒ අයට පොහොරවල මුදල් දෙන්නේ කවුද නඩත්තු කරන්නේ කවුද මේ සදහා යෙදවිමට වතු කම්කරුව සතුව මුදල් තියෙනවාද.
2015 ඉල්ලපු රුපියල් දාහේ වැටුප තමයි 2021 ලැබුනේ 2015 එදා හාල් මිල කියද එය 2021 කියද අද කියද දිනෙන් දින බඩු මිල ඉහල යනවා එත් මේ වතු කම්කරු වැටුප වැඩි වන්නේ නැහැ මෙය විශාල ප්‍රශ්නයක් එදා ඩොලර් එක කියද අද ඩොලර් එක කියද මේ තේ කුඩු විකිනිමෙන් ඩොලර්වලින් ලැබෙන්නේ ඒ අනුව අද ඩොලරයේ මිල බලන විට කොහොද වතු පාඩුයි කියන්නේ.
මහචාර්ය එස්. විජේචන්ද්‍රන් මහතා අද සමන්‍යයෙන් හතර දෙනකුගෙන් පවුලකට ජිවත් විම සදහා රුපියල් 89,897.71ක් පමන අවශ්‍ය වෙනවා එත් වතු කම්කරු පවුලකට මේ තරම් වැටුපක් ලැබෙන්නේ නැහැ එවිට කොහොමද මේ අය ජිවත් වෙන්නේ.
මේ වතු කම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් දාහාක මුදලක් දින 21ක් වැඩ කලත් ලැබෙන්නේ රුපියල් විසිඑක් දාහාක් වැනි මුදලක් පවුලේ දෙදෙනකු වැඩ කල විට අමතර දළු කැඩුවත් ඕනනම් රුපියල් පනස් දාහාක් වැනි උපරිම වැටුපක් ගන්න පුලුවන් එයින් ඊ.ටි.එෆ්. ඊ. පී. එෆ්. අඩුවුනාම කියද ලැබෙන්නේ එවිට අනික් මුදල හොයා ගන්න ක්‍රමය මොකක්ද කරන්න තියෙන්නේ දවසට තුන් වේල කන එක දෙවේලට හෝ එක් වේලකට සිමා කිරිමත් තම දරුවන්ගේ අධ්‍යාපනය නැවැත්විමත් නේද.
මෙම තත්වයන් මත මේ වන විට වතුකරයේ මන්දපෝෂනය දැඩි ලෙස ඉහල ගිහින් තියෙනවා වතුකර දරුවන්ගේ අධ්‍යාපනය අතර මග නතර විමෙන් එම දරුවන්ට කඩවල ගෙවල්වල මෙහෙකාර සේවය කරන්න සිදු වෙලා තියෙනවා මේ තුලින් වතුකර ජනතාවගේ අනාගතය කඩා වැටිමේ අවදානමකට ලක්ව තියෙනවා මේ සදහා පිලියම් අවශ්‍යයි.
මේ වතු කම්කරුවන්ද මේ රටේ පුරවැසියන් එසේ නම් මේ රටේ අන් අයට වගේම මේ අයටත් ජිවත් විමට සරිලන වැටුපක් ලබා දිමට පියවර ගත යුතුයි එමෙන්ම මේ වතුකර ජනතාව මේ රටට විදෙස් විනිමය ලබා දිමට හවුල්වන ප්‍රධාන පෙලේ පිරිසක් මේ පිලිබදවත් අදාල බලධාරින් සොයා බැලිය යුතුයි.
අද තේ ඉල්ලුම ඉහල ගියත් එම ඉල්ලුමට සරිලන තේ නිස්පාදය අඩු වෙලා තියෙන්නේ එයට හේතුව අද වන විට සමහර වතුවල අවශ්‍ය පිරිස් නොමැති විමයි එයට හේතුව තමයි මේ වතු කම්කරුවන්ට නිසි වැටුපක් නොමැති විම මේ වතු කම්කරුවන්ට නිසි වැටුපක් ලබා දෙනවානම් මේ රටේ තේ නිස්පාදය තව දුරටත් වැඩි කර ගත හැකියි ඒ තුලින් මේ රටට ලැබෙන විදෙස් විනිමයද වැඩි කර ගත හැකියි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts