dailyreporter

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකඟ වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරාගෙන එම වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම් වලට එම වතු පවරා දෙන බවයි.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට තිරණය කල බවත්, නාවලපිටිය ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියි.

Similar Posts