වැඩිවන ජීවන වියදමට විරෝධය පළකරමින්   ජාතික ජනබල වේගයේ ආධාර කරුවන්  විසින් පවත්වන ලද විරෝධතාවයක්  අම්බලන්තොට නගරයේදී පැවැත්විණි.

පෙරවරු 10 ට පමණ ආරම්භ වූ විරෝධතාවය සදහා සියයක පමණ පිරිසක් සහභාගි වී සිටිය අතර පැයක පමණ කාලයක් ඔවුහු නිහඩ විරෝධතාවයක යෙදිනි.

එහිදී ප්‍රකාශයක් කරමින් ජාතික ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සිසිර වාහල තන්ත්‍රි මහතා පැවසුවේ මේ වසරේ ජනවාරි මාසයේ තෙල් බැරලයක් මිල ඩොලර් 62 ක් වුණා.

එම මිල  ඩොලර් 32 දක්වා මාර්තු මාසයේදී පහල වැටුනා. එම ඉන්ධන මිල අඩුවීමේ වාසිය ආණ්ඩුව ගත්තා. මේ ආණ්ඩුව බදු පිට බදු ගහමින්  ජනතාව පෙළමින් ඉන්නවා. ජාතිය අමතා දවස් තුනකට සැමන් හා පරිප්පු මිල මේ ආන්ඩුව අඩු කොට ජනතාව මුලා කළා.

මේ මැතිවරණ සමයේදීවත් ජනතාවට සහන නොදෙන ආණ්ඩුව මැතිවරණයෙන් පස්සේ මේ ටේ ජනතාවට කොහොම පීඩනයක් ගෙන දෙයිද  කියා හිතා ගන්න පුළුවන්. ඒ නිසා  අපි ආණ්ඩුවට බල කර සිටිනවා.

අඩු වූ තෙල් මිලේ වාසිය ජනතාවට දෙන්න. ජනතාව මත පටවන බදු බර අඩුකරන්න. ඒ වාගේම අපි ආණ්ඩුවට බල කර සිටිනවා එදිනෙදා අත්‍යාවශ්‍ය බාන්ඩ වල මිල අඩුකොට ජනතාවට සහන සලසන්න කියා.

චන්ද්‍රසේන ගමගේ

More Stories