dailyreporter

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම ආරම්භ කර තිබේ. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කර තිබේ.

මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත නොමිලේ ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත.

ඒ අනුව එක් සිසුවියකට රුපියල් 1200ක් වටිනා තිළිණපතක් හිමිවන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකියි.

Similar Posts