ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ එය දෙසැම්බර් 11 වනදා වන විට ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වන බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
ඒ හේතුවෙන් අද (08) උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
බස්නාහිර, සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.