ගාලුමුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙයි.
ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය.
වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලුමුවදොර පිටිය අසළ රැ ඳී සිටින බව වාර්තාකරුවන් පැවසුවේ ය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්රී ලංකා රජයට දන්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහිතකයක් ලබාදිය යුතු බවය.
එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්රහාර එල්ලකිරීම හෙළාදකින බව මානව හිමිකම් කොමිසම ප්රකාශ කර ඇත.