මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණික තත්වයක් පැවතිමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්වය හමුවේ 17වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 32යි අගල් 05ක් පහලින් පවතින බවත්ය.

ජල මට්ටම මෙසේ පහාල බැස තිබුනද ජලාශයේ පවතින ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස බේදා හැරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories