badweather

දිවයිනේ දිස්ත්‍රික් 13 කට  බලපා ඇති වැසි තත්ත්වය අද සිට යළිත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව,හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, වව්නියාව ඇතුළු දිස්ත්‍රික් 13 කටයි.

මාතලේ, නුවර, නුවරළිය,බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

පවුල් 18,840 අයත් පුද්ගලයින් 64,608 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 5,255 කට අයත් පුද්ගලයින් 17,766 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 126ක රඳවා සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇත.

 

 

More Stories