රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසනවා.

ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දෝ බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙනවා.

ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරනවා.ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින බැවින් මෙලෙස බුලත් විටක මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.

මේ දිනවල පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වනවා.

ඇතැම් වෙළෙඳුන් පවසන්නේ බුලත් විටකට වැඩි මිලක් සඳහන් කළහොත් අලෙවි නොවන බැවින් එක් පුවක් ගෙඩියක් විට දෙකකට යොදා එක් විටක් රුපියල් 60කට හෝ 70කට අලෙවි කරන බවයි.

වාර්තාකරු – කමල් ශ්‍රී ලියනගේ

More Stories