light

ඊයේ (16) සිට විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඒකක බින්දුවේ සිට 90 දක්වා විදුලි පාරිභෝගිකයින්ටයි.

මේ අතර, නව ගාස්තු සංශෝධනය නිත්‍යානුකුල නොවන බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිම සඳහා පසුගිය ජනවාරි මාසයේ විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබුණා.

සියයට 36 ක ගාස්තු වැඩි විමක් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අනුමත කළ තිබු අතර, සෙසු සමාජිකයින් තිදෙනා ඊයේ අනුමැතිය පළ කර තිබුණේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ සියයට 66 ක ගාස්තු ඉහළ නැංවිමටයි.

එමගින් ඒකක බින්දුවේ සිට 30 දක්වා ගාස්තුව රුපියල් 30 දක්වා ද ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දමා තිබෙනවා.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයක ගාස්තු රුපියල් 37 දක්වා ද ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ දමා ඇති අතර, ඒකක 61 සිට 90 දක්වා ඒකකයක ගාස්තුව ඉහඝ දැමුණේ රුපියල් 42 දක්වායි.

එහි ස්ථාවර ගාස්තුව රුපියල් 650 ක් වනවා.

ඒකක 91 සිට 120 දක්වා සහ ඒකක 121 සිට 180 දක්වා වන කාණ්ඩ දෙකේ ඒකක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500 දක්වා ඉහළ දැමුණා.

ඒකක 181 න් ඉහළ කාණ්ඩයේ ඒකක ගාස්තුව ද වෙනස් කර නොමැති අතර, එම කාණ්ඩයේ නව ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක්.

ඒ අනුව, ඒකක 30 දක්වා පාරිභෝගිකයින්ගේ රුපියල් 214 ක් පැවැති මාසික විදුලි බිල රුපියල් 453 දක්වා ඉහළ යන්නේ සියයට 251 කින්.

ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයින්ගේ රුපියල් 677 ක්ව පැවැති විදුලි බිල රුපියල් 2178 දක්වා ඉහළ යන අතර, එහි ප්‍රතිශතය සියයට 221 වනවා.

ඒකක 61 ත් 90 දක්වා පාරිභෝගිකයින්ගේ මාසික විදුලි බිල සියයට 144 කින් ඉහළ යන අතර, රුපියල් 1825 ක්ව පැවැති එම විදුලි බිල රුපියල් 9370 ක් දක්වා ඉහළ යන්නේ ඒ අනුවයි.

ඒකක 91 සිට 120 දක්වා පාරිභෝගිකයින්ගේ නව විදුලි බිල රුපියල් 6238 ක් වන අතර, රුපියල් 3358 සිට එලෙස විදුලි බිල ඉහළ යන්නේ සියයට 86 කින්.

ඒකක 121 සිට 180 දක්වා විදුලි බිල රුපියල් 5467 සිට රුපියල් 8347 දක්වා ඉහළ යන අතර, එහි ප්‍රතිශතය සියයට 53 ක්. ඒකක 181 කින් ඉහළ පාරිභෝගිකයින්ගේ විදුලි බිල ඉහළ දමා ඇත්තේ සියයට 18 කින්.

More Stories