මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටමද අභිබවා යා හැකි බවයි.

2022 වසරේදී මෙරට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හත (719,978) ඉක්ම වූ අගයක් ගත් අතර, 2023 වසරේදී එය දාහතර ලක්ෂය (1 487,303) දක්වා දෙගුණයකින් වැඩිවිය.

ඒ අනුව මෙම වසර අවසානයේදී ඉකුත් දෙවසරට සාපේක්ෂව වැඩි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මෙරට සංචාරය කරනු ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පුරෝකතනය කර සිටියි.

යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමයට ළඟා වූ 2018 වසරේදී ලක්ෂ 23කට (2,333,796) වැඩි පිරිසක් මෙරට සංචාරය කර තිබේ.

ඒ හේතුවෙන් එම වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් පමණක් මෙරට රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක වාර්තාගත ආදායමක් උපයාගත හැකිවී තිබේ.

Similar Posts