exam results 2020 grade 5

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙම මස 09 වැනිදා දක්වා මාර්ගගතව පහසුකම් සලසා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග අයදුම්කරුවන්ගේ නාම ලේඛන විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා තිබෙන බවත් මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් නාම ලේඛන බාගත කර ගත හැකි බවත් එහි සඳහන්ව තිබේ.

මෙම මස 15 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 2869ක දී පැවැත්වෙන මෙම විභාගය සම්බන්ධයෙන් යම් විමසීමක් කරන්නේ නම් 1911, 0112 784208, 0112 784537 යන දුරකථන අංක අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

Similar Posts