dailyreporter.lk

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති අතර කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම්ද පිටාර මට්ටමට ලගා වෙමින් පවති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කෙටි කාලයක් තුලදි විමලසුරේන්ද්‍ර ජලාශය අටවන වරටත් 15වන දින උදැසන සිට පිටාර ගරැලිම ආරම්භවි ඇති බවත්ය.

මෙම ජලාශය මෙසේ පිටාර ගැලිමත් සමග කැළණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා පැවසිය.

එමෙන්ම කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද මේ වන විට පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බවත් එම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම අයුරින් බේදා හරින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories