මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වරක් 10වන දින සවස සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.
විමලසුරේන්ද්‍ර ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇතිවු අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය මෙසේ නැවත වරක් වාන් දැමිම ආරම්භවු බව එම නිලධාරියා පැවසිය.
පසු ගිය මාසයේ සිට මේ වන විට මෙම ජලාශය හත්වන වරට 10වන දින වාන් දැමිම ආරම්භවු බවත් මෙම ජලාශයේ ජලය වාන් දැමිමත් සමග කැළනි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්