univercity-teachers

විශ්ව විද්‍යාලවල දේශන අද සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

එම සම්මේලනය පැවසුවේ, කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බවයි.

ආසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

මේ අතර, 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු මේ වනවිට ප්‍රමාදවී ඇත්තේ , විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.

පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන සතිය වනවිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

More Stories