විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ප්‍රකාශකර තිබේ.
පසුගිය වසර පහට සාපේක්ෂව පසුගිය මාස කීපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයෑමට පටන්ගෙන ඇති බවත් රජය වහාම මැදිහත් වී විවෘතව සාකච්ඡා කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුව ඇති බවත් ඔහු කියා සිටියි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 150 ක් පමණ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 100 ක් පමණ පවතින බවත් ඇතැම් විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශවල අවශ්‍ය දේශන පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආචාර්යවරුන් පිරිසක් නොසිටින බවයි හෙතෙම තවදුරටත් කියා සිටින්නේ.
ඇතැම් ආචාර්යවරුන්ගේ වැටුප ඝෘණ තත්ත්වයටත් පත්ව තිබෙන අතර රට හැරයෑම හැර වෙනත් විකල්ප නොමැති බවයි සමිති සම්මේලනයේ සභාපති වැඩිදුරටත් කියා සිටියි.