exam

මෙවර  පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය පාසල් වලට අමතරව විශේෂ ස්ථාන කිහිපයකදීත් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව බන්ධනාගර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, මාතර, තංගල්ල, හලාවත සහ කොළඹ මැගසින් බන්ධාගාර වලද, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සිව් දෙනෙකු වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේද, වටරැක සුනීත විදුහල , විදෙස්ගත දරුවන් වෙනුවෙන් නේපාලයේ කත්මන්ඩු නුවර  ශ්‍රිලංකා තානාපති කාර්යාලයේද දෙසැම්බර් 02 දා සිට විභාග මධ්‍යස්ථාන පැවැත්වේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 717008 ක් පෙනී සිටින අතර ඉන් 433050 ක් පාසල් අයදුම්කරුවන් වේ.

ශානි පොල්ගම්පල

More Stories