අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති අතර අද (26) දිනයේ ක්‍රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමය පවසයි.
වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් ගුරු- විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව සදහන් වේ.