ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 වනදාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෘත්තීය සමිති වෙත ලිපියකින් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බවයි.
මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ මාධ්‍යන්හි අසත්‍ය ප්‍රකාශ පළකරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මීට අදාළ යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුකරන අතර නව නීති කෙටුම්පත් කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙයි.