wesak

මෙවර වෙසක් පොහොය වෙනුවෙන්, ආගමික වතාවත් නිවසට වී සිදුකරන ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවර ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන වෙසක් පොහොය දිනයෙන් අවසන් වන අතර සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට එය වන්දනා කිරීමට අවස්ථාව ලබානොදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කළේ 27 වනදා අලුයම යෙදෙන සුබ නැකතින් සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව යුද හමුදා සාමාජිකයන් විසින් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි.

Similar Posts