eggs

වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත.

බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ කියා සිටිති.

රටේ දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 80ක් වන අතර, ඉකුත් සතියේ බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර පාරිභෝජනයද දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 95ක් දක්වා වැඩිවී ඇත.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකරගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ රුපියල් 22කට තොග මිලකට ගොවිපොලෙන් මිලදී ගත් බිත්තර මෙලෙස වැඩි මිලකට අලෙවි කෙරෙන බවය.

Similar Posts