sripadaya

නිදහස් දින නිවාඩුවත් සමග පැමිනි සති අන්ත නිවාඩුවේදි ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු. ඒ. පි.එස්. වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ74වන නිදහස් දින නිවාඩුවත් සමග පැමිනි සති අන්තයේදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය රථ වාහන නැවතුම් පලවල් රථ වාහනවලින් පිරි පැවති බවත්ය.

එමෙන් මෙම වන්දනාකරුවන් පැමිනි රථ වාහන රාශියක් නතර කිරිම සදහා රථ වාහන ගාල් ඉඩ මදිවිම හේතුවෙන් එම රථ වාහන නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ ලක්ෂපාන වතුයාය අසල දක්වා නතර කර තැබිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

එමෙන්ම ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙසේ අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මහ මළුව මාර්ගයේ දැඩි තදබදයක් පැවති බවත් එම තත්වයන් මත සමහර ස්ථානවල විනාඩි ගනනාවක් වන්දනාකරුවන්ට එක තැන රැදි සිටිමට සිදුවු බවද ඔහු පවසන ලදි.

ශ්‍රිපාද වන්දනා කිරිම සදහා වන්දනා කරුවන් අති විශාල පිරිසක් පැමිනියද එසේ  පැමිනි සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි වීජිතද අල්විස් මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories