මොණරාගල ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි කාන්තාවක් 21වන දින අළුයම් කාලයේදි මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. එස්. වීරසේකර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ සිට පැමිනි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාද මළුව දක්වා ගමන් කරමින් සිටියදි රතු අම්බලම ප්‍රදේශයේදි එම වන්දනා නඩයේ කාන්තාවක් 21වන දින අළුයම 1.00පමන හදිසියේ අසනිපවි ඇති බවත්ය.
එසේ අසනිපවු එම කාන්තාව රතු අම්බලම ප්‍රදේශයේ සිට නල්ලතන්නිය දක්වා ගෙන විත් ප්‍රථිකාර සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත් එසේ ඇතුලත් කල එම කාන්තාව 21වන දින අළුයම 4.00ට මිය ගොස් ඇති බවත්ය.
මොණරාගල පදිංචි අවුරුදු 79ක් වයැසැති කේ. සෝමාවති යන අය මෙසේ මිය ගොස් ඇති බවත් එසේ මිය ගිය අයගේ මල සිරුර පශ්චාත් මරණ පරික්ෂන සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තබා ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා