ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත් කරමින් ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ ශ්‍රිපාද මහ මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවිම 24වන දින සිදු කරන ලදි.

ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් මධ්‍යයේ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් සදාතුක කරඩුව සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ මෙසේ මහත් භක්තියෙන් වැඩම කරවිම සිදු කරන ලදි.

2023 දෙසැම්බර් උදුවප් පුන් පොහොයෙන් 2023-2024 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා දෙසැම්බර් මස 24වන දින සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරන පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජ මහ විහාරස්ථානයේ සිට මාර්ග හතරක් ඔස්සේ පෙරහැර හතරකින් ශ්‍රිපාද මහ මළුවට වැඩම කරවා මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවු අතර පුරා මාස හයක කාලයක් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් විය.

පුරා මාස හයකට පසුව මේ මස 24වන දිනට යෙදු තිබු වෙසක් පුන් පොහොයෙන් මෙවර ශ්‍රිපාද වන්දනා සමය නිමවිමත් සමග ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරන නැවත මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජ මහා විහාරස්ථානය දක්වා වැඩම කරවිම සිදු කරනු ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories