හැටන් ශ්රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ උත්සව ශාලාවේ උඩ කොටස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි පුටු ආදිය විනාශයට පත්ව එම ශාලාවටද හානි සිදුව ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම කෝවිලේ පුද්ගලයකු පවසන ලද්දේ 05වන දින අළුයම් කාලයේදි මෙම උත්සව ශාලාවේ උඩ කොටස තුල හදිසියේ ගින්නක් ඇතිවු බවත්ය.
පසුව හැටන් පොලිසියේ නිලධාරින් ප්රදේශවාසින් එක්ව එම ගින්න මැඩ පැවැත්විමට කටයුතු කල බවත් මෙම ගින්න හේතුවෙන් එම උත්සව ශාලාවේ උඩ කොටසට හානි සිදුව ඇති අතර එහි තිබු පුටු සියල්ලද විනාශයට පත්ව ඇති බවත්ය.
මෙම ගින්න විදුලි කාන්දුවකින් හට ගන්නට ඇතැයි සැක කරන අතර මේ පිලිබදව හැටන් පොලිසිය පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්