ශ්රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ විරෝධතා පෑමේ ස්වභාවය වඩාත් ප්රචණ්ඩකාරි වීමට පෙර ජනතාවගේ ඉල්ලීමට කන් දී ආර්ථික අර්බුදය විසඳීමට පාලක රජය අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවද මානව හිමිකම් කාර්යාලය සඳහන් කරයි.