2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කිරීම අත්‍යවශ්‍ය වේ. 1994 අංක 22 දරණ වධහිංසාවට සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත යටතේ මාතර මහාධිකරණය විසින් මෑතකදී ලබා දුන් සුවිශේෂී තීන්දුවෙන් මෙම අවශ්‍යතාව අවධාරණය කෙරේ. මෙම නඩුවේදී 2003 වසරේදී පුද්ගලයන් පස් දෙනෙකු පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කෙරුණි. මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගවීම සහ යුක්තිය අවධාරණය කරමින් සෑම වින්දිතයෙකුටම 500,000 බැගින් වන්දි ගෙවීමට ද නියෝග කරන ලදි.

1994 අංක 22 දරන වධහිංසා පනත බලාත්මක කර තිබියදීත්, වධහිංසා පැමිණවීම සාපරාධී ලෙස සලකන සහ එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කරන නමුත්, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ වධහිංසා පැමිණවීම අඛණ්ඩව සිදුවන ගැටලුවක් ලෙස පවතින බව වාර්තා සහ පර්යේෂණ පෙන්වා දෙයි. වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල වන මෙම පනත මගින්, අපරාධකරුවන්ට වසර 7-10 කාලයක සිරදඬුවමක් සහ සැලකිය යුතු දඩ මුදලක් නියම කරයි. කෙසේ වෙතත්, පොලිස් ම්ලේච්ඡත්වය සහ වධහිංසා පැමිණවීම් ගණනාවකින් පෙන්නුම් කරන පරිදි, නීති සම්බන්ධ අනුකූලතාවය සහ බලාත්මක කිරීම කාර්යක්ෂම නැත.

පවතින නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ පොලිස් අපයෝජන චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ තීරණාත්මක මතක් කිරීමක් ලෙස මෑත කාලීන තීන්දුව ක්‍රියා කරයි. වධහිංසා පැමිණවීම වැළැක්වීමට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සියලු පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන බව සහතික කිරීමට එවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ. මැදවච්චිය පොලිසිය සම්බන්ධ මෑත කාලීන සිදුවීමක් මේ ප්‍රශ්නයේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරයි. වාහනයක් සම්බන්ධ කාරණාවක් හේතුවෙන් 23 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරීන් විසින් දරුණු ලෙස පහරදීම හේතුවෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධ නිලධාරීන් රිමාන්ඩ් කිරීමට හේතු වී ඇති අතර ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් අන්දමින් වධහිංසා විරෝධි නීති බලාත්මක කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව තවදුරටත් ඉස්මතු කරයි.
2011 සිට 2017 දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) වධහිංසා පැමිණවීම් සම්බන්ධ පැමිණිලි 3,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර, මෙම ගැටලුවේ ව්‍යාප්තිය පෙන්නුම් කරයි. 2022 වසරේ පමණක් අත්අඩංගුවේ පසුවන අය ඇතුළුව පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් පැමිණිලි 588ක් ලැබී ඇත. වධහිංසා පනත බලාත්මක කිරීමෙන් පසුව, නීතිපතිවරයා විසින් නඩු 115ක් පමණ ගොනු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වරදකරුවන් 40ක් පමණ යුක්තිය සහ වගවීම සඳහා වන අරගලය පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා රජය සහ අධිකරණ පද්ධතිය වධහිංසාව තුරන් කිරීමට සහ සියලු පුරවැසියන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට දරන ප්‍රයත්නයන් තීව්‍ර කරන ලෙස අප මෙම ජාත්‍යන්තර දිනයේදී රජයෙන් ඉල්ලා සිටින්නෙමු. වධහිංසාවට ලක් වූවන්ට යුක්තිය ඉටු කර ගැනීම සහ අනාගතයේදී මෙවැනි නින්දිත ක්‍රියා වළක්වාලීම අපගේ සාමූහික වගකීමකි. මෙයට නීති දැඩි ලෙස ක්‍රියාවේ යෙදීම පමණක් නොව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අඛණ්ඩ අධ්‍යාපනය, පුහුණුව සහ අධීක්ෂණය ද ඇතුළත් වේ. මෙම ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මුතීන් යටතේ සිය කැපවීම්වලට ගරු කළ හැකි අතර වඩාත් මානුෂීය සහ සාධාරණ සමාජයක් කරා ගමන් කළ හැකිය.

Sinhala

Tamil

English

Similar Posts