ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවර දී ආරම්භ  විය. සැසිවාරය ලබන මස 7 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර සැසිවාරය ආරම්භයේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ සිහිපත් කරමින් නිශ්ශබ්දතාවයක් සුරැකීමට කවුන්සිලය පියවර ගත්තේය. ඉන් අනතුරුව 51 වන සැසිවාරයේ කටයුතු ආරම්භ කෙරුණි.

මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ විශ්‍රාම ගැනීම හේතුවෙන් නව මහ කොමසාරිස්වරයා ලෙස වෝල්කර් ටර්ක් පත්කර තිබුණ ද ඔහු සහභාගි නොවීම හේතුවෙන් වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නඩා අල් නශීෆ්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබද වාර්තාවක් සමුළුවට ඉදිරිපත් කෙරුණි.

More Stories