srilnka-crickert

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන ගැටලුවලට තාවකාලික විසඳුම් නොමැති බව ද ඔහු පෙන්වා දෙන්නේ.ඒ සඳහා නිර්භීත, වෘත්තීය ප්‍රවේශයක් ගත යුතු බවත් පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් මුදාගත යුතු බවත් අලි සබ්රි මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ක්‍රීඩා නීතියක් හා ව්‍යවස්ථාවක් බලාත්මක කළ යුතුය.මෙරට ක්‍රිකට්, ක්‍රීඩාවක් හෝ ව්‍යාපාරයක් නොවන අතර එය ශ්‍රී ලංකීක ජාතියේ ආත්මයේ පිළිබිඹුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාර්ථකත්වය මූල්‍ය ප්‍රතිපාදන මගින් මනිනු නොලබන අතර එය අත්පත් කර ගන්නා ජයග්‍රහණය සහ අපගේ ජනතාව තුළ ඇති කරගන්න ආශ්වාද මත රඳා පවති.

Similar Posts