2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් විය.ඒ, තායිලන්ත පිල සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමත් සමගය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා පිල කඩුළු 7ක් දැවී ලකුණු 93ක් රැස්කර ගැනීමට සමත් විය.අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 11යි පන්දු 3කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 94ක් ලබා තරගය ජයගැනීමට සමත් විය.

Similar Posts