ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය ලබන 03 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරයට අදාළ කටයුතු සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක්  නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේ අරමුණින් පක්ෂ මහ ලේකම් ධුරයෙන් තමාව ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු බෙදීමක් නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට කාදිනල් හිමිපාණෝ කතෝලික සභාවට නොපැමිණි බවත්, ඒ නිසා උන්වහන්සේට කීමට කිසිවක් නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

 

 

More Stories