law

කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දරන්නන්ට මූල්‍ය හා කාර්‍යපටිපාටියන් අවභාවිතය සම්බන්ධ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් තනතුරු වලින් ඉවත් වන ලෙසට යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබේ.
එකී යෝජනාව අද දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයට භාර දී ඇති බවටද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දූෂණ මර්ධන පනතට සහ දූෂණ මර්ධන ක්‍රියාවලිය සම්බන්ධ වැඩසටහනක් සදහා ලැබුනු ජපන් මූල්‍ය ප්‍රදානයක් කාර්‍යපටිපාටිය උල්ලංඝනය කරමින් සංගමයේ නිලධාරීන්ද තවත් සාමාජිකයන්ද අතරේ බෙදා හැරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ ප්‍රාදේශීය සංගම්හි නියෝජිතයන්ගෙන් සැදුම්ලත් නීතිඥ කවුන්සලය (Bar Council) තුළද එහි විධායක කමිටුව තුළද බරපතල ලෙස ප්‍රශ්න කෙරී ඇති අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපති නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇත.
මිළග වසරේ පැවැත්වෙන නීතිඥ සංගම් නිලවරණයේදී සභාපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත් කර ඇති ජනාධිපති නීතිඥවරයෙක්ද මෙම චෝදනාවට ලක් වූ නීතිඥ පිරිස අතර වෙයි.
මෙම යෝජනාව සම්මත කල කොළඹ නීතිඥ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගනයේ විශාලතම ප්‍රාදේශීය සංගමයයි.

අයිතිය විශේෂ වාර්තාකරු

aithiya

Similar Posts