ලංකාව තුල පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට හැටන් හරහා පැමිනෙන සියලු වන්දනාකරුවන් දැනුවත් කර නැවත හරවා යැවිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි වීරරත්න මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන වීරරත්න මහතා පවසන ලද්දේ මේ වන විට ලංකාව තුල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් ශ්‍රිපාදය වන්දනා කිරිමේදි වීශේෂයෙන් මහගිරිදඹ ප්‍රදේශයේදි අත් වැට අල්ලාගෙන ගමන් කරන බවත් එමෙන්ම වන්දනාකරුවන් රාශියක් එකට ගමන් කරන බැවින් ශ්‍රිපාද වන්දනාව අවදානම් තත්වයන්ට පත්ව ඇති බැවින් ශ්‍රිපාද වන්දනාව නතර කිරමට මෙසේ පියවර ගත් බවත්ය.

එම තත්වයන් මත බගවන්තලාව,නොර්වුඩ්, කලුගල, දියගල, මස්කෙළිය, විදුලිපුර, යන ප්‍රදේශවල මාර්ග බාධක යොදවා ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම රථ වාහන නතර කර එම රථ වාහනවල පැමිනෙන පිරිස් දැනුවත් කර එම වන්දනාකරුවන් නැවත ඔවුන්ගේ ගම්බිම් සදහා හරවා යැවිමට පියවර ගන්නා බවද වීරරත්න මහතා වැඩි දුරටත් පවසන ලදි.

More Stories