අනුරාධපුර ශික්ෂන රෝහලේ සිට පොළොන්නරුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර රජයේ දේපලවලට අලාභ හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා තිරප්පනය පොලිසියේ අපරාධ විමර් ශන අංශය  පරික්ෂනයක් ආරම්භකර තිබේ.

අනුරාධපුර ගල්කුලම ප්‍රධාන මාර්ගයේ ධම්මදින්න මහ විද්‍යාලය ආසන්නයේදි  යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසින් එල්ලකල ගල් අහුරු ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ වාමුවාවට (වින්ඩ්ස්ක්‍රීන්) හා පැති කණ්නාඩියකට බරපතල අලාභ සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොළොන්නරුව ඩිපෝවට අයත් බස් රථයේ අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර් ය මණ්ඩල සේවකයන් 50 දෙනෙකු ගමන්කර තිබෙනා අතර ගල් ප්‍රහාරයෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය කියයි.සිද්ධියෙන් පසුව බස් රථයේ රියදුරා තිරප්පනය පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

බස් රථයේ රියදුරා පොලිසියට කියා ඇත්තේ මීට පෙර මෙම ගමන්වාරය පෞද්ගලික බස් රථයකින් සිදුකර තිබෙන බවත් කොරෝනා වසංගතය සමග එම ගමන්වාරය පොළොන්නරුව ලංගම ඩිපෝවට ලැබුණු බවයි.එම ගමන්වාරය අත්හිටුවා නැවතත් පෞද්ගලික බස් රථයට හරවා ගැනිමට එහි හිමිකරු විශාල උත්සාහයක් දරා තිබෙන බවත් එය වැලකි යාමත් සමග මැරයන් යොදා පොළොන්නරුව හඹරන යන පොලිස් වසම්වලදි බස් රථයට විවිධ අවස්ථාවලදි ගල් ප්‍රහාරයන් එල්ල කිරිම සිදුකල බව ඔහු පොලිසියට කියා තිබුණි.

පෙරේදා (11දා) සවස 6.45ට පමණ බස් රථයට ගල් ප්‍රහාරය එල්ලවි තිබෙනා අතර කාන්තා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා ගල් අහුරකින් බස් රථයට පහරදි පලාගිය බවත් ඔහු පැමිණි යතුරු පැදියේ ලියාපදිංචි අංකය සටහන් කර ගැනිමට නොහැකිවු බවත් රියදුරා පොලිසියට කියා තිබුණි.

රජයේ දේපලකට අලාභහානි සිදුකිරිමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් පරික්ෂන පවත්වති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories