rt-pcr

PCR පරීක්ෂණයේ සාම්පල ලබාගැනීමේදී වඩා කාර්යක්ෂම සහ ඉහළ නිරවද්‍යතාවක් සහිත නව නිර්මාණයක් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා. කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන මූලිකම පරීක්ෂණය වන්නයේ PCR පරීක්ෂණයයි.

හෝමාගම පිහිටි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මෙම ජෛව සාම්පල ලබාගැනීමේ උපකරණය සකස් කර ඇත්තේ රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක සහයෝගය ඇතිවයි.

මෙහි විශේෂත්වය වන්නේ ජෛව සාම්පල ලබා ගැනීමේදී දැනට භාවිත කෙරෙන සාමාන්‍ය උපකරණයට වඩා විධිමත් අයුරින් එහි කෙඳි සකසා තිබීමයි.

Similar Posts