ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසා, ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන අප්‍රියෙල් මස 08 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එහෙත් මෙම කාළය තුළ ලෝක තත්වය යහපත් වුවහොත් මෙන්ම, වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සමාලෝචනය කර, මෙවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත්, 4/21 දිනට පෙර, කෙටි දැනුම්දීමකින් අනතුරුව, සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානමින් සිටිති.
ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීමට නිකුත් කරවා ගැනීමට සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයා අමතන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිති