පස්වන වසර ශිෂ්‍යත්ව විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ වතු ඩග්‍රාමිය හා නාගරික ප්‍රදේශවල පාසල් සිසුන් දැඩි උද්යෝගයකින් විභාගය සදහා එක් සිටින ලදි.

මෙම විභාගය පිලිබදව කරන ලද විමසිමකදි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. වීජේන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපය තුල වතු ග්‍රාමිය හා නාගරිකව පාසල් තුල විභාග මධ්‍යස්ථාන 34ක් පිහිටුවිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම විභාග මධ්‍යස්ථාන 34 තුලදි මෙම කලාපයේ සිසු සිසුවියන් 3906 දෙනකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරිපත්වන බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටින තම දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන පැමිනි දෙමාපියන් එම විභාග මධ්‍යස්ථාන අසල රැදි සිටින බවද දක්නට හැක.

 

More Stories