SriLankan

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී.

එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105 දෙනෙකු ඉන්දියාවේ සිට ගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු සූදානම් කරමින් සිටියි.

Similar Posts