“සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංගණයන් ඇති වුනා. මිනිස්සු මැරුණා. අතුරුදහන් වුනා. 2009 විශාල ඝාතනයන් වුනා.
මේ ව්‍යපෘතිය තුළින් මේ වින්දිතයන්ගේ කතාවන් අපි ජනගත කරන්න බලාපොරොත්තු වුනා. ඒක තමයි මේ වෙබ් අඩවියේ අරමුණ”
නව රජයට දකුණෙන් සහ උතුරෙන් විශාල ජනප්‍රසාදයක් ලැබුණා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔවුන් සියල්ලන්ම එකම අදහසේ ඉන්නවා කියලා. ඔවුන් විවිධ අදහස්වල තමයි ඉන්නේ.
මේ කාලවල් වලදී මිනිස්සුන්ගේ අත්දැකීම් පෙන්වන්න තමයි අපි මේ වෙබ් අඩවිය හදලා තියෙන්නේ.”
ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා මේ අදහස් පැවසුවේ, යුක්තිය සහ වගවීම සඳහා එක්වූ ජනතා එකමුතුව (People Unite for Justice and Accountability – PUJA) අපගේ නිල වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එම උත්සවයට සහභාගි වූ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක විසින් පහත දැක්වෙන අදහස් පලකරන ලදී.
“නිදහස පසු කාලයේ අපට පේන දෙයක් තමයි රටේ නීතිමය පාලනය බිඳ වැටි තිබෙනවා. 71 කැරැල්ලේ දී කැරලිකරුවන්ට නඩු පැවරුවේ රැජිනගේ නීතිය යටතේ දීයි. ඒ වනවිට පොලිසි සතු ආයුධ තිබුණේ පෙට්ටි වල. පහර දෙන අවස්ථාවන් වලදී ඔවුන්ට ඒක හොයාගන්නත් බැරි වුනා.
යුද්ධයේ දී අතුරුදහන් වූ ප්‍රමාණය 60,000 ක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබුණා. නමුත් සමහර කමිටුවල විසිදහක් ගණනක් බව පැවසෙනවා. නමුත් තවමත් නිශ්චිත වාර්තාවක් ලැබි නැහැ.
ලංකාවේ සංහිදියාව යම් කිසි ලංකාවේ යම් ක්‍රියා මාර්ග පැවතුනා. ඒවා ගැන විමසිල්ලෙන් බැලීම වැදගත්. සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විසින් විශාල වෙහෙසක් දරා ලබාගත් අතුරුදහන් තැනැත්තන් සදහා වු කාර්යාලය කිසිදු වර්ධනයකින් තොරව ජනතාවට එපා වෙන තත්ත්වයට පත්වෙලා”
ඔහු ලංකාවේ සංහිඳියාව ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවත් අදහස් දක්වන ලදි.
ඒ අතර වෙබ් අඩවිය එළිදක්වන ලද අතර මේ සදහා සිවිල් සංවිධාන ක්‍රියාදරයින් සහ ජාතික සාම මණ්ඩලයේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය ද, ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගි වී සිටියහ.