කොවිඩ්  19 හේතුවෙන් මසක  පමන කාලයක් පනවා තිබු සංචරණ සිමා 21වන දින ඉවත් කිරිමත් සමග තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට 21වන දින සැලකිය යුතු පිරිසක් පැමින සිටින ලදි.

පලාත් අතර සංචරණ සීමා තව දුරටත් පවතින බැවින් මධ්‍යම පලාත තුල  පමනක් ධාවනය කරවිම සදහා පුද්ගලික හා ලංගම බස් රථ කිපයක්ද ධාවනයට එක් කර තිබිනි.

මෙසේ නගරයට පැමිනෙන ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පදින්නේද යන්න පිලිබදව සොයා බැලිම සදහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් නගරයේ ආරක්ෂාව වැඩි කිරිමටද පියවර ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසනස ලද්දේ සංචරණ සිමා ඉවත් කිරිමත් සමග නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් නිල ඇදුමින් මෙන්ම සිවිල් ඇදුමින් සැරසුන නිලධාරින් නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම සෞඛ්‍ය උපදෙස් කඩකරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමටද පියවර ගන්නා බවත්ය.

සංචරණ සිමා ඉවත් කිරිමත් සමග නගරයේ එලවලු මෙන්ම බොහෝ බඩු භාන්ඩවල මිල ගනන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසන අතර නගරයේ වෙලදුන් පවසනුයේ ඉන්දන මිල ඉහල යාමත් සමග බඩු මිලද ක්‍රමයෙන් ඉහල ගොස් ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories