ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින් පද රචනා කර ගායනා කරනු ලබන ගමාන්තය පිළිබඳ ගීත වීඩියෝවක් එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ
2022 ජනවාරි මස 03 වැනි දින පැවැත්වෙන ගෝලීය උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික දින අංගයට යොහානි ද සිල්වාගේ සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.