sathosa

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස ශාඛාව වෙතින් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පාරිභෝගිකයන්ට ලබාදිමට සතොස පාලන අධිකාරිය කටයුතු කර ඇත.

සහල් කිලෝ 10 ක් ,කිරිපිටි පැකට්ටුවක් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ඇතුලත් සහන මල්ලක් රු 1950/= මිලකට හැටන් සතොස ශාඛාව විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර, එම සහන මල්ල වෙලදපොලේ පවතින මිලට වඩා රු 900 කින් පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙන බව හැටන් සතොස ශාඛාවේ කලමණාකරු කියා සිටියේය.

සතොස සහන මල්ල මිල දි ගැනිමට වතුකරයේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ ග්‍රාමිය ජනතාව (22) දින පස්වරුවේ හැටන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටියහ.

හැටන් රංජිත් රාජපක්ෂ

More Stories