කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවෙන බවට, තමාට සහතික විය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා.
ඒ නිසා තෙල් හිඟයක් සම්බන්ධ ව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව සඳහන් කළ අමාත්‍යවරයා, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ පමණින්, ශ්‍රී ලංකාව තුළ තෙල් හිඟයක් මතු වීමට ඉඩක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.