හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු යාපනයේ ශාන්ත පැට්රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද දින දැනුම් දීමට නියමිතය.
Similar Posts
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වහයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් පැවැසීය. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය ප්රවෘත්ති අධ්‍යක්ෂකට
ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැතිවරණ…
වැලිසර මාරක රිය අනතුරේ CCTV මෙන්න
වැලිසර, මහබාගේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය. සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ…
ගොවි ජනතාවට විශේෂ පණිවුඩයක්
යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය…