සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන ප්‍රතිඵල වාර්තා සම්පූර්ණ අසත්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේද  රාත්‍රී 9.40ට පමණ  බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මේ අනූව සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් නිල ප්‍රතිඵල නිකුත් කරන තුරු අවදානයෙන් පසුවන්නැයි කියා සිටියි.

කෑගල්ල, බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ඇතිවූ වර්ෂාපත් සමග සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇති බවත් එම නිසා ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බාධා එල්ල වී ඇත. ඒ අනූව, එම ප්‍රදේශවල ඡන්ද ගණන් කිරීම රාත්‍රී 10.00ට පමණ ආරම්භ කිරීමේ හැකියාව තිබූ බවත් මහින්ද දේශප්‍රිය මහතා විශේෂ නිවේදනයක් මාධ්‍යවෙත නිකුත් කරමින් කියා සිටියි.

 

More Stories