අම්පාර, සයින්දමරුදු බල ප්රදේශය නව නගර සභාවක් ලෙස ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රාජ්ය පරිපාලන අමාත්යංශය පැවැසුවේ 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සයින්දමර්දු ලෙස නගර සභාවක නිල කාලය ආරම්භ කිරීමට නියමිත බවයි.
කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැර සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කරන අතර, ඒ සඳහා නව පරිපාලන සීමා නම් කර ඇත්තේ ග්රාම සේවා කොට්ඨාස 17 ක් ඇතුළත් වන පරිදියි.