සර්ව ආගමික නායකයන්ගේ මැදිහත්විම තුලින් එම ප්‍රදේශයන්වල සාර්ථක ලෙස ජාතින් අතර සංහිදියාව  ඇතිකිරිමට හැකියාව ලැබෙන බව ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කලඹණාකාරිනි නිරෝෂා ඇන්තනි මහත්මිය පවසයි.

ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු රැස්විම අතමතමින් මේ බව පැවසු නිරෝෂා ඇන්තනි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

ජාතික සාම මණ්ඩලය මගින් අන්තර්කරනය සංහිධියාව හා බහුවිධි ක්‍රියාකාරිත්වය (පෙයාස්) යනුවෙන් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා නව ව්‍යාපෘතියක් කරන විට එහි ඉලක්කයක් තිබිය යුතුයි මෙහි එම ඉලක්කය තමයි බහුත්වාදය හරහා ජාතින් අතර සංහිධියාව ඇති කිරිම හා සමාජ සාධාරනත්වය ප්‍රවර්ධනය කිරිම.

මෙහි එක් පියවරක් තමයි සර්ව ආගමික නායකයන්ගේ මැදිහත්විම තුලින් එම ප්‍රදේශවල ජාතින් අතර සංහිධියාව ඇති කිරිම එමෙන්ම රාජ්‍ය නිලධාරින් ලගට එන  විවිධ පුද්ගලයන්ගේ පවතින ප්‍රශ්න විසදිමට සහය දැක්විම.

මේ පිලිබදව එම නිලධාරින් දැනුවත් කිරිම්ද කල යුතුයි උදාහරණයක් ලෙස යම් රාජ්‍ය නිලධාරියකු ලගට යම් කටයුත්තක් සදහා ද්‍රවිඩ අයකු පැමින විට එම රාජ්‍ය නිලධාරියාට ද්‍රවිඩ භාෂාව තේරෙන්නේ නැතිනම් යම් භාෂා පරිවර්ථයකුගේ සහාය ලබා ගෙන එම කටයුත්ත කර දිම වැනි දේවල්.

එම තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල ජාතින් අතර සාමය සංහිදියාව ඇති කිරිමට කටයුතු කල හැකි වෙනවා.

More Stories