රුපියල් ( 100) සියයේ ටින් මාලු ( 150) එකසිය පනහට වික්ක දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා සේවකයින් තිදෙනෙකුට වැඩ වරදි.

සහන මිළට අලෙවි කිරිමට ලබා දුන් ටින් මාලු මිළ වෙනස්කර වැඩි මිළට අලෙවි කළ බව කියන දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක වරයෙකුගේ සහ මාර්ග කමිකරුවන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත් හිටුවා,ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරිමට දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ගීතිකා රුද්‍රිගු මහත්මිය කටයුතු යොදා ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට සහන සැලසිමේ වැඩ සටහන යටතේ දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව සහන මිළට ටින් මාලු අලෙවි කිරිමට කටයුතු යොදා තිබිණි.

රුපියල් 100 අලෙවි කළ යුතු සැමන් ටින් එකක් රුපියල් 150 බැගින් දොඩන්ගොඩ නෑහින්න ප්‍රදේශයේ දී අලෙවිකර ඇතැයි ලද පැමිණිලි අනුව සභා ලේකම්වරිය පරීක්ෂණ සිදු කරයි.

මෙසේ චෝදනා ලත් සේවකයෙකු ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරි වරයෙකුට මේ පිළිබඳ ප්‍රසිද්ධියේ බැන, තර්ජනය කලැයි කියන සිද්ධියක් සමිබන්දයෙන් තවත් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories