ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසන්  සභාව ඒහි සඳහන් කර ඇත්තේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිය කොමිසන්  සභාව දැඩි සැලකිල්ලෙන් පසුවන බවත්  මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා ඊට වගකිව යුත්තන් සොයාගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බවත්ය.

මෙවැනි ආකාරයේ සිදුවීම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහස කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවද  අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

More Stories