නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාමුහික ගිවිසුමක් අත්සන් කිරිම අද (01) දින සිදු විය.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා පරදවා නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් මෙසේ සන්ධාන ගත වු බව සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදි අද පැවති මෙම ගිවිසුම අත්සන් කිරිම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12 ක් ඇතුලු දේශපාලන පක්ෂ 32 ක් හා සිවිල් සංවිධාන 31 ක් එක් වු බවද ඒ මහතා පවසයි.
විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රධාන මුස්ලිම් පක්ෂ ඇතුලු දෙමළ පක්ෂ කිහිපයක් මෙම ගිවිසුමට අත්සන් තැබිම විශේෂත්වයක් බවද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසයි.
මෙම සුවිශේෂි අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස, පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුලු මැති ඇමතිවරුන් රැසක් එක්ව තිබේ.